si_uni  ta_uni
TamilEnglish


පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල

 

User Login



ශ්‍රි ලංකාව තුළ සිදුවන / සිදුකෙරෙන විවෘත දහනය සම්බන්ධව මූලික අධ්‍යයනයක් සිදුකිරීමට අවශ්‍ය උපදේශකයෙකු බඳවා ගැනීම

හැඳින්වීම:

­

දුම් නලයක්, චිමිනියක් හෝ දුම් පිටවීමේ මාර්ගයකින් සැදුම්ලත් බහාලුමක් නොමැතිව එළිමහනෙහි සිදුකරනු ලබන හෝ සිදුවන ඕනෑම දැවීමක්, විවෘත දැවීමක් ලෙස අර්ථ දැක්වේ. සායනික හා නාගරික අපද්‍රව්‍ය, ඉදිකිරීම්වලදී අපතේ යන ද්‍රව්‍ය, කෘෂිකාර්මික අවශේෂ යනාදී ද්‍රව්‍ය විවෘත අංගනයක හෝ බැරල් තුළ පාලනයකින් තොරව දහනය කිරීම ද මීට ඇතුළත් වේ. මෙවැනි අවස්ථාවන්හිදී අර්ධ (අසම්පූර්ණ) දහනයක් සිදුවන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් හානිකර වායු දූෂක (ඩයොක්සීන, ෆියුරාන් වැනි), ප්‍රමාණවත් දුම් පිටවීමේ මාර්ගයක්, නලයක් හෝ චිමිනියක් හරහා ගමන් නොකොට සෘජුවම වායු ගෝලයට එකතුවේ.

බහු චක්‍රීය  ඇරෝමැටික හයිඩ්‍රෝකාබන (Polycyclic Aromatic Hydrocarbons), බැර ලෝහ හා ඩයොක්සීන වැනි සියුම් අංශුමය දූෂක හා පෙනහළුවල කෘත්‍යය දුර්වල කිරීම, ස්නායු  ආබාධ, පිළිකා, හෘදයාබාධ, හා වෙනත් බෝනොවන රෝග වැනි සැළකිය යුතු දරුණු සෞඛ්‍යමය ගැටළු ඇති වීමත්  අතර සම්බන්ධතාවයක් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධාන දත්තයන්ට අනුව මිලියන 3.7ක් පමණ ජනතාවක් විවෘත වායු දූෂණය නිසා මරණයට පත්වේ. මෙහිදී වැඩි අවධානමට ලක්වන පිරිස අතර කුඩා දරුවන්, වයස්ගතවූවන් සහ දරුණු ස්වසන ආබාධයන් සහිත පුද්ගලයින් ඇතුළත්ය.

මෙලෙස විශාල ලෙස වායු දූෂක එක්රැස්වන්නාවූ ප්‍රභවයන් සැළකිල්ලට නොගෙන වායු දූෂක ප්‍රතිමැනුම් සැකසීම වායු දූෂණය පාලනයේදී එතරම් ඵලදායී නොවේ. එබැවින් ශ්‍රී ලංකාවේ සමස්ථ වායු දූෂකයන් කෙරෙහි විවෘත දහනයෙන් සිදුවන දායකත්වය හඳුනාගැනීමේ දැඩි අවශ්‍යතාවයක් උද්ගතව පවතී. එසේම විවෘත දහනය පාලනය කිරීමට අවශ්‍ය නීති රෙගුලාසි හඳුන්වාදීම සඳහා වායු දූෂක ප්‍රභව හා ඒවායේ සාපේක්ෂ වැදගත්කම හඳුනාගැනීම ද වැදගත් වේ. මේ අනුව පරිසර රාජ්‍ය අමාත්‍යාංශය, මෙම උපදේශක පැවරුම මගින් ශ්‍රී ලංකාවේ සිදුවන විවෘත දහනය සම්බන්ධව මූලික අධ්‍යයනයක් කිරීමට සැළසුම් කර ඇත. මෙම පැවරුම සඳහා වෙන්කර ඇති මුදල රු. 150,000.00කි.

 

පැවරුමේ අරමුණ:

­

විවෘත දහනය මගින් සිදුවන වායු දූෂණය පාලනය කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ සිදුවන විවෘත දහනය සම්බන්ධයෙන් පවත්නා දැනුමෙහි ඇති අඩුලුහුඬුකම් හා භාවිතයන් හඳුනාගැනීම.

 

කාල සීමාව:

මාස 3කි.

 

උපදේශකවරයාට තිබිය යුතු බඳවාගැනීමේ සුදුසුකම්:

·         වායු සම්පත් කළමනාකරණ හෝ වෙනත් ඕනෑම අදාල ක්ෂේත්‍රයක අවම වශයෙන් වසර 10ක වත් පළපුරුද්ද.

·         අවම වශයෙන් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සංඛ්‍යානය හෝ වෙනත් ඕනෑම අදාල ක්ෂේත්‍රයක විද්‍යාපති (MSc.) උපාධියක් ලබා තිබීම.

·         අවම වශයෙන් මෙබඳු පැවරුම් දෙකක්වත් සාර්ථකව නිමකර තිබීම.

අයදුම්කිරීමේ ක්‍රමය:

මේ සම්බන්ධව කැමැත්තක් දක්වන අයදුම්කරුවන් හෝ උපදේශන සංවිධාන (Consultancy organizations) වෙතොත්, තම යෝජනා පත්‍රයන්, පහත වෙබ් අඩවියෙන් බාගත කරගන්නා ලද ‘යෝජනා පත්‍ර සඳහා ඉල්ලුම් කිරීම‘ (Request for Proposals) යන ආකෘතියට අනුව ඉදිරිපත්කළ යුතුය.

මෙම යෝජනා පත්‍ර, අධ්‍යක්ෂ (වායු සම්පත් කළමනාකරණ හා ජාත්‍යන්තර සබඳතා), පරිසර රාජ්‍ය අමාත්‍යාංශය, 980/4/A, වික්‍රමසිංහ පෙදෙස, ඇතුල්කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ යන විද්‍යුත් තැපෑලට  2015 සැප්තැම්බර් 21 දිනට පෙර ලැබීමට සැලැස්විය යුතු අතර, අයදුම්පත් බහාලන කවරයේ “විවෘත දහනය සම්බන්ධව උපදේශක කටයුතු සඳහා යෝජනා පත්‍රය” ලෙස සඳහන් කළ යුතුය.

 

ලේකම්

පරිසර රාජ්‍ය අමාත්‍යාංශය

අවසන් යාවත්කාලීන කිරීම 2015 අගෝස්තු 28 වෙනි සිකුරාදා, 13:12