si_uni  ta_uni
TamilEnglish

 


පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල

 

මුල් පිටුව All News පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය
පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය

ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය 

උතුරු හා සබරගමු පළාත්වල ජෛව විවිධත්ව පැතිකඩ හා සංරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කිරීම

එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සම්මුතියේ ජාතික කේන්ද්‍රස්ථානය වශයෙන් ක්‍රියා කරන පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, එකී සම්මුතියේ සඳහන් අදාළ විධි විධාන ක්‍රියාත්මක කිරීමේලා බැදී සිටී. මෙම සම්මුතියේ 06 වන වගන්තිය ක්‍රියාත්මක කිරීමේදී ජෛව විවිධත්ව පැතිකඩ හා සංරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම උතුරු හා සබරගමු පළාත් සඳහා සැකසිය යුතුව ඇත.

ජෛව විවිධත්ව සංරක්ෂණ පැතිකඩ හා ක්‍රියාකාරී සැලැස්ම, සම්මුතියේ ඇති ගැටලු සඳහා ගතහැකි ක්‍රියාමාර්ග හා එහි වැදගත් තොරතුරු සැපයිය  හැකි ලේඛනයක් විය යුතුය.

ඉහත සඳහන් කළ පළාත් දෙකෙහි පළාත් පැතිකඩයන් හා ක්‍රියාකාරී සැලැස්ම සැකසීම සඳහා ජාතික උපදේශකයකු (පළාත් මට්ටමින් ) , කෙටි කාලීන උපදේශක සේවාව ලබා ගැනීම සඳහා පත් කිරීමට අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය බලාපොරොත්තු වේ. අදාල උපදේශකයා එම ප්‍රදේශයේ වාසය කිරීමට / සේවය කිරීමට යටත් විය යුතුය. යෝජිත ජෛව විවිධත්ව පැතිකඩ හා ක්‍රියාකාරී සැලැස්මේ සාරාංශයක් මේ සමග අමුණා ඇත.

විශේෂඥ සේවාව සඳහා ගෙවීම්     : කථිකා කර ගත හැක

අවම සුදුසුකම්                            : විද්‍යා / කෘෂිකර්ම / පරිසරය / ස්වභාවික සම්පත් කළමනාකරණය              

                                                   සම්බන්ධ පශ්චාත් උපාධිය

වෘත්තීය සුදුසුකම්                       : අදාල ක්ෂේත්‍රයේ වසර 05 කට වඩා වැඩි පලපුරුද්ද

 

අමාත්‍යාංශය මගින් පත්කරනු ලබන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් සුදුසු උපදේශකයෙකු, ඔවුන්ගේ ජීව දත්ත මත පදනම්ව තෝරා ගැනීමට නියමිතය. අදාල පළාත් දෙක සඳහා අයදුම් කිරීමට කැමති අපේක්ෂකයින් වෙතොත් තම කැමැත්ත ප්‍රකාශිත ප්‍රකාශනයක් (EOI) හා තම අධ්‍යාපනික , වෘත්තීය සුදුසුකම්, උපදේශනයේ  ඇති අත්දැකීම් හෝ වෙනත් අදාළ සුදුසුකම් හා අපේක්ෂිත වැටුප යන කරුණු සඳහන් ජීව දත්ත පත්‍රිකාවක්  අධ්‍යක්ෂ (ජෛව විවිධත්ව), ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය , පරිසර හා පුනර්ජනනීය  බලශක්ති අමාත්‍යාංශය, 980/5, වික්‍රමසිංහ පෙදෙස , ඇතුල්කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපැල් මගින් හෝ අතින් ගෙනවිත් 2014.02.28 දිනට පෙර භාර දෙන්න.

ලේකම්,
පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය
82, සම්පත්පාය, රජමල්වත්ත පාර, බත්තරමුල්ල.

 

ඇමුණුම :

යෝජිත පළාත් ජෛව විවිධත්ව පැතිකඩෙහි සාරාංශය

1)      හැදින්වීම

2)      ජෛව -භූ විද්‍යාත්මක - භෞතික හා භෞම කරුණු (සමස්ථ වපසරිය , වර්ගීකරණය , පස හා ඛනිජ, වර්ෂාපතනය, උෂ්ණත්වය , සුළඟ ආදිය)

3)      පරිසර විද්‍යාත්මක පැතිකඩ (ප්‍රධාන පරිසර පද්ධති)

4)      විශේෂ පැතිකඩඩ (ශාක හා සත්ව, ක්ෂුද්‍ර ජීවී)

5)      ජානමය පැතිකඩ

6)      ස්ථානීය සංරක්ෂණය

7)      විතැන් සංරක්ෂණය

8)      ප්‍රධාන විෂයන්ට විශේෂිත වූ ජෛව විවිධත්ව පැතිකඩ

9)      සංස්කෘතික හා අනෙකුත් අදාල අංශවල විවිධත්වය

10)   ජෛව විවිධත්වය කෙරෙහි ඇති බලපෑම

11)   ජෛව විවිධත්වය හා බැදුනු ආයතනික කරුණු

12)   ජෛව විවිධත්වය හා බැදුනු ප්‍රතිපත්ති හා නීතිමය කරණු

13)   ජෛව කර්මාන්තය හා ජෛව අපේක්ෂාවන්

14)   පළාත් ජෛව විවිධත්වය තිරසර ලෙස භාවිත කිරීම සංරක්ෂණය කිරීම සඳහා නිර්දේශිත ක්‍රියාකාරකම්

15)   පළාත සඳහා යාවත්කාල (tentative) ක්‍රියාකාරී සැලැස්මක්

16)   ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ආයතනික සැකැස්ම

17)   පළාත් ජෛව විවිධත්ව සංරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම සඳහා උපායමාර්ග පාරිසරික ඇඟයීම (SEA)

18)   අර්ථ දැක්වීම

19)   පාරීභාෂික වචන

20)   යොමුව