si_uni  ta_uni
TamilEnglish

 


පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල

 

මුල් පිටුව All News වාර්ෂික හරිත සම්මාන ප්‍රධාන උත්සවය - 2012
වාර්ෂික හරිත සම්මාන ප්‍රධාන උත්සවය - 2012

ශ්‍රී ලංකාවේ ජාතික හරිත වාර්තාකරණ පද්ධතිය

පරිසර හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍යාංශය

හරිත වාර්තාකරණය කිසියම් සංවිධානයක සමාජීය, ආර්ථික පාරිසරික හා පාලන පද්ධතියේ තිරසාර ක්‍රියාකාරීත්වය සම්බන්ධව තොරතුරු හුවමාරු කිරීම සඳහා යොදාගත හැකි කාර්යක්ෂම සන්නිවේදන මෙවලමකි.

 හරිත වාර්තාවක්, නිෂ්පාදන පද්ධතියට හා විමෝචන පාලනයට අගනා ප්‍රවේශයක් සපයයි. වාර්තාකරණ පද්ධතියට, සමාජීය ආර්ථික හා පාරිසරික දර්ශනයක් ඹස්සේ තම තිරසාර ක්‍රියාකාරීත්වය ස්වෙච්ඡාවෙන් වාර්තා කිරිම සඳහා නිෂ්පාදන හා සේවා සපයන ආයතනයක් අවශ්‍ය වේ. වර්තමානයේ මිනිය හැකි දර්ශකයක් සහිත වාර්තාකරණ පද්ධති , නිෂ්පාදනය හා පරිභෝජනය සඳහා වන සමාජිය, ආර්ථික හා පාරිසරික අංගයන් දිශානති කිරිම මගින් තිරසර භාවය ඇතිකර ගැනීමට යොදාගනු ලබයි.

2012 ජාතික හරිත සම්මාන ප්‍රධානෝත්සවය 2012 දෙසැම්බර් 21 දින පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හා  SWITCH-ASIA වැඩසටහන හා සහයෝගීත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පවත්වන්නට යෙදුනි.

alt
alt
alt

 

මෙම හරිත සම්මාන ප්‍රධානෝත්සවයේ අරමුණ නම් නිෂ්පාදන හා සේවා අංශ වල 2011 ජුලි 01 සිට සැප්තැම්බර් 31 දක්වා කාලසීමාව තුල සමාජිය, ආර්ථික හා පාරිසරික අංශවල තිරසාර වාර්තා හදුනාගැනිම හා ඹවුන්ට ඒ සඳහා සම්මාන පිරිනැමීමයි.

මෙම උත්සවයේදී පහත සේවා හා නිෂ්පාදන සම්මානයට පාත්‍ර විය.

1.     2011 වසරේ හොඳම හරිත වාර්තාකරු - ටෙක්ස්චර්ඩ් පර්සි ලංකා සමාගම

2.     ඇගයීම් සහතික - ඹ්ෂන් ලංකා පුද්ගලික සමාගම

                                    හෙරිටන්ස් කන්ඩලම

අවසන් යාවත්කාලීන කිරීම 2013 මාර්තු 05 වෙනි අඟහරුවාදා, 08:57