si_uni  ta_uni
TamilEnglish


පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල

 

මුල් පිටුව All News ශ්‍රී ලංකාව තුලට ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ හදුන්වාදීම හා පැතිරීම පාලනය කිරීමේ හැකියාව වර්ධනය කිරිම සඳහා වන ජගත් පාරිසරික පහසුකම් (GEF) ව්‍යාපෘතිය
ශ්‍රී ලංකාව තුලට ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ හදුන්වාදීම හා පැතිරීම පාලනය කිරීමේ හැකියාව වර්ධනය කිරිම සඳහා වන ජගත් පාරිසරික පහසුකම් (GEF) ව්‍යාපෘතිය

ව්‍යාපෘති ආරම්භක සමුළුව

2012 දෙසැම්බර් 20

ජෛව විවිධත්ව සම්මුතියේ 8 වන වගන්තිය අනුව   “සියලුම සාමාජික රටවල් තම පරිසරයේ ඇති ආගන්තුක ආක්‍රමණශීලි ජීවි විශේෂයන්ගෙන් වන්නාවු  අවදානම දුරලීමට හැකි සියලු  ක්‍රියාමාර්ග ගත යුතුය” ලෙස සඳහන්ව ඇත.

 සමාජික රටක් ලෙස මෙම වගන්තිය ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා පරිසර අමාත්‍යාංශය විසින් ජෛව පාරිසරික පහසුකමෙහි(GEF-UNDP) මූල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාව තුලට ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ හදුන්වාදීම හා පැතිරීම පාලනය කිරීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ සමාරම්භය සංකේතවත් කිරීම සඳහා වන වැඩමුළුවක් 2012 දෙසැම්බර් 20 වන දින උදෑසන 9.00 සිට 12.30 දක්වා කොළඹ 03,ගාලුමුවදොර අංක 25 දරන ස්ථානයේ පිහිටා ඇති ටාජ් සමුද්‍රා හෝටලයේ ටාජ් බෝල්රූම් ශාලාවේ පවත්වන්නට පරිසර අමාත්‍යාංශය කටයුතු කළ අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස පරිසර අමාත්‍ය ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ගරු අබ්දුල් කාදර් මහතා සහභාගී වූහ.

වැඩමුළුවේ විශේෂ අවස්ථා

·        ව්‍යාපෘතියේ නිල ලාංඡනය හදුන්වාදීම

·        ආගන්තුක ආක්‍රමණශීලී ජීව විශේෂ පිළිබඳව වෙබ් අඩවිය ආරම්භ කිරීම 

අවසන් යාවත්කාලීන කිරීම 2012 දෙසැම්බර් 24 වෙනි සදුදා, 12:11