si_uni  ta_uni
TamilEnglish

 


පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල

 

මුල් පිටුව All News ශ්‍රී ලංකාවේ නව නෝර්වේ තානාපතිතුමිය, පරිසර ඇමති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නව නෝර්වේ තානාපතිතුමිය, පරිසර ඇමති හමුවෙයි

 ශ්‍රී ලංකාවේ නව නෝර්වේ තානාපතිතුමිය වන ග්‍රේට් ලෝචන් මහත්මිය (Ms. Grete Lochen)    අද පෙරවරුවේදී, පරිසර අමාත්‍ය ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා මුණගැසුණි.


alt

 

 

එහිදී බල ශක්ති නිෂ්පාදනය සඳහා පරිසර හිතකාමී ක්‍රමවේදයන් වන පුනර්ජනන බල ශක්තිය පිළිබඳව සාකච්ඡා කෙරිණ.

පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය  සඳහා නෝර්වේ රාජ්‍යයේ සහය, ඉදිරියේදී වැඩි වශයෙන් ලැබෙනු ඇතැයි, එහිදී තානාපතිතුමිය පෙන්වා දුන්නාය.

නියෝජ්‍ය තානාපති ජොන් ඔටෝ බ්‍රොඩෝල්ඩ් මහතා (Mr.Jon Otto Brodholt)  පරිසර අමාත්‍යංශයේ අතිරේක ලේකම්  ආර්.ඒ.ආර්.ආර්  රූපසිංහ, අතිරේක ලේකම්  ගාමිණී ගමගේ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විමල් රූබසිංහ, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය විජයානන්ද හේරත්, වන සංරක්ෂණ ජනරාල් කේ.පී ආරියදාස යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

alt
alt

 

අවසන් යාවත්කාලීන කිරීම 2012 දෙසැම්බර් 14 වෙනි සිකුරාදා, 12:50