si_uni  ta_uni
TamilEnglish

 


පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල

 

මුල් පිටුව යුතුකම් සහ වගකීම්
රාජකාරි සහ වගකීම්
  1. තොරතුරු එක්රැස් කිරීම සහ අමාත්‍යාංශයේ වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සහ ඒවා නියමිත වේලාවට මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කිරීම .

  2. අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන අනුව, අවශ්‍යතාවය පරිදි මහා භාණ්ඩාගාරයෙන් අග‍්‍රිම ලබාගැනීම.

  3. අමාත්‍යාංශයේ ආදායම් සහ ගෙවීම් සම්බන්ධ කටයුතු.

  4. විසර්ජන ගිණුම සහ රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් බී ගිණුම සකස් කිරීම සහ නියමිත වේලාවට විගණකාධිපති වෙත භාරදීම.

  5. මාසික ගිණුම් සාරාංශ සකස් කර නියමිත වේලාවට මහා භාණ්ඩාගාරයට භාරදීම.

  6. අමාත්‍යාංශයේ ගිණුම් මහා භාණ්ඩාගාරයේ පරිගණකගත තොරතුරු සමග සැසඳීම.

  7. අමාත්‍යාංශයේ අවශ්‍යතාවය අනුව භාණ්ඩ මිලදීගැනීම සහ ඒවා අවශ්‍ය පරිදි අදාළ අංශ වෙත නිකුත් කිරීම.

  8. සමීක්‍ෂණ මණ්ඩල පවත්වාගෙන යාම සහ හානි සහ අලාභයන් කපා හැරීමට අවශ්‍ය පියවර ගැනීම.

  9. අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන දෙපාර්තමේන්තු, ආයතන සහ ව්‍යාපෘතිවල ගිණුම්වලට අදාල කටයුතු සම්බන්ධීකරණය කිරීම.

  10. අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වෙනුවෙන් රාජ්‍ය ගිණුම් කරාක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය කිරීම.

  11. රජයේ මුදල් රෙගුලාසි, අයතන සංග‍්‍රහයේ විධිවිධාන, රාජයේ කාර්යාල සහ අමාත්‍යාංශ මගින් නිකුත් කරන ලද චක‍්‍රලේඛවලට අනුව රාජ්‍ය මුදල් කටයුතු පවත්වාගෙන යාම සහ එම කටයුතු අධීක්‍ෂණය කිරීම.

  12. විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම.

  13. බැංකු සැසඳුම් සකස් කිරීම සහ ඒවා නියමිත වේලාවට විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම.

  14. නියමිත පරිදි ගෙවීම් කරන ලද වවුචර් මාසිකව විගණන අංශයට භාරදීම.

  15. මුදල් රෙගුලාසි 66 ට අනුව මුදල් ප‍්‍රතිපාදන භාණ්ඩ පංති අතර මාරු කිරීම.

අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 16 වෙනි බදාදා, 22:42