si_uni  ta_uni
TamilEnglish

 


පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල

 

මුල් පිටුව වගකීම්
වගකීම්

වගකීම්

  • අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරිපාලනය

  • තාක්‍ෂණික සහ උපකාරක කාර්යයන් ක‍්‍රියාවෙහි යෙදවීම සඳහා මානව සම්පත් සේවයෙහි යෙදවීම සහ කළමනාකරණය කිරීම.

  • ලේකම්තුමා සහ අනෙකුත් අදාළ බලධාරීන් නියෝග කරන පරිදි ක‍්‍රමවේද සහ විධිවිධානයන් ස්ථාපිත කිරීම.

  • කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධ ක‍්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීම සහ වාර්තා කිරීම. (උපදේශක කාරක සභා, පාර්ලිමේන්තු ප‍්‍රශ්න, කැබිනට් පත‍්‍රිකා, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ආදිය)

  • අවශ්‍ය පරිපාලන ප‍්‍රතිසංස්කරණ සිදුකිරීමට භාරගැනීම සහ ඒවාට අනුකූලවීම.

  • නව ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධ කටයුතු අධීක්‍ෂණය කිරීම.

  • හොඳ තත්වයේ වාහන සමූහයක් පවත්වාගෙනයාම සහතිකවීම.

  • පුරවැසි ප‍්‍රඥප්තිය / ජ්‍යෙෂ්ඨ පුරවැසි වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සහතිකවීම.

  • අමාත්‍යංශය සඳහා ධාරිතා අවශ්‍යතාවය ඇගයීමේ වගකීම භාරගැනීම.

  • අමාත්‍යාංශය සඳහා මානව සම්පත් කළමනාකරණ ප‍්‍රතිපත්තියක් සහ ධාරිතාව වර්ධනය කිරීමේ සැලැස්මක් සකස් කිරීම සහ එය ක‍්‍රියාත්මක කිරීම.

  • අභ්‍යන්තරව සහ බාහිරව දැනුම ව්‍යාප්ත කිරීමට අවශ්‍ය උපදෙස්, උපකරණ සහ ක‍්‍රියා පිළිවෙල වැඩි දියුණු කිරීම.

  • කාර්ය මණ්ඩල සඳහා ලබා දෙන පුහුණු වැඩසටහන්වල ඵලදායීබව මැන බැලීම සඳහා විටින් විට සහ පාඨමාලා අවසානයෙන් පසු ඇගයීම් පැවැත්වීම.

  • පරිසර සහ ස්වාභාවික සම්පත් සම්බන්ධ ප‍්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නන්ගේ මානව සම්පත් සංවර්ධනයේ හිදැස් හඳුනාගැනීම සහ හැකියා වර්ධනය කිරීම සඳහා ක‍්‍රියා පිළිවෙලතක් වැඩි දියුණු කිරීම.

  • කණ්ඩායම් සෑදීම, ගැටුම් කළමනාකරණය, කාර්ය භාරය ඇගයීම වැනි මානව සම්පත් සංවර්ධන ගැටළු සම්බන්ධයෙන් වරින් වර කටයුතු කිරීම.

  • කාර්යසාධන ඇගයීම සහ මානව සම්පත් සංවර්ධනය අතර සම්බන්ධයක් ගොඩනැගීම.

  • හැකියා වර්ධන ජාතික සහ ජාත්‍යන්තර වැඩසටහන් සඳහා පහසුකම් සැලසීම සහ සම්බන්ධීකරණය කිරීම.

අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 16 වෙනි බදාදා, 23:05