si_uni  ta_uni
TamilEnglish

 


පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල

 

මුල් පිටුව වගකීම්
වගකීම්
  • ජාතික පරිසර ප්‍රතිපත්ති සකස් කිරීම / යාවත්කාලීන කිරීම / සංශෝධනය කිරීම / විශ්ලේෂණය කිරීම සහ ඊට අදාල අනෙකුත් ප්‍රතිපත්ති සකස් කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම

  • ජාතික ප්‍රතිපත්තිය පදනම් කරගෙන ක්‍රමෝපායන් වර්ධනය කිරීම

  • පරිසර හා ස්වාභාවික සම්පත් සම්බන්ධව සිදු කෙරෙන නව ව්‍යාපෘති මැදිහත්වීම් වල ශක්‍යතාව ගණනය කිරීම සඳහා ජාතික නියෝජිතායතන සමග සම්බන්ධීකරණය කිරීම

  • ක්‍රියාකාරී සැලුසම්, අයවැය ඇස්තමේන්තු හා දිස්ත්‍රික් පාරිසරික වැඩසටහන් ආදී කෙටිකාලීන සැලසුම් සකස් කිරීමේදී අමාත්‍යාංශයේ විවිධ අංශ හා ඊට සම්බන්ධ නියෝජි ආයතන සමග සම්බන්ධීකරණය කිරීම.

  • අමාත්‍යාංශය විසින් හඳුනාගත් නියමු ව්‍යාපෘති හා සම්බන්ධ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය / ක්‍රියාත්මක කිරීම

  • අමාත්‍යාංශය සහ එහි නියෝජිතායතන විසින් භාරගන්නා ලද ක්‍රියාකාරකම් වල ප්‍රගතිය අධීක්ෂණය කිරීම

  • අමාත්‍යාංශය සහ එහි නියොජිතායතන විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන් හා ව්‍යාපෘති ඇගයීමට ලක් කිරීම

  • පාරිසරික දැක්ම නමින් හඳුන්වන පරිසරය පිළිබඳ වන ජාතික තත්ත්ව වාර්තාව සකස් කිරීම හා යාවත්කාලීන කිරීම

  • ප්‍රතිපත්ති පර්යේෂණ හා විශ්ලේෂණ සිදු කිරීමට භාර ගැනීම

  • ආධාර ලබා දෙන්නන් සමඟ සම්බන්ධීකරණයට සහාය දීම

  • පරිසර හා ස්වාභාවික සම්පත් ප්‍රතිපත්ති මූලක කරගෙන සිදුවන දෑ සඳහා ශක්‍යතාව ගොඩනැංවීම හා දැනුවත්භාවය ඇති කිරීම

අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 17 වෙනි බ්‍රහස්පතින්දා, 08:26