si_uni  ta_uni
TamilEnglish

 


පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල

 

මුල් පිටුව ශ්‍රී ලංකා දේශගුණික පැතිකඩ
ශ‍්‍රී ලංකා දේශගුණ පැතිකඩ බලන්න

භූගෝලීය පිහිටීම

ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ඉන්දියන් උපමහාද්වීපයට දකුණු දෙසින් පිහිටි වර්ග කි.මී. 65 525 ක් පුරා පැතිරිණු දිවයිනකි. අභ්‍යන්තර ජලාශ හැර එහි වර්ගඵලය වර්ග කි.මී. 62 336 කි. උතුරු අක්‍ෂාංශ 6 - 10 හා නැගෙනහිර දේශාංශ 80 - 82 අතර එය පිහිටා තිබේ. එහි උපරිම දිග කි.මී. 432 ක් (දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා& වන අතර උපරිම පළල කි.මී. 224 කි (කොළඹ සිට සංගමන්කන්ද දක්වා&. කඳුළු බිඳුවක හැඩය ගන්නා ශ‍්‍රී ලංකාව එහි ප‍්‍රමුඛස්ථානයක් ගන්නා, සිත මවිත කරවන තරම් විවිධාකාරවූ භූ විෂමතා ලක්‍ෂණ නිසා ලෝකයේ ඇති වඩාත්ම දර්ශනීය ස්ථාන වලින් එකක් වී තිබේ. එහි ඇති කැපීපෙනෙන උන්නතාංශය නිසා එය මධ්‍යම කඳුකරය, තැනිතලා ප‍්‍රදේශ සහ වෙරළබඩ තීරය වශයෙන් කලාප තුනකට බෙදේ.

වැලි සහිත දර්ශනීය වෙරළ සහ කලපු වලින් සමන්විත වෙරළ තීරයකින් මෙම දිවයින වටවී තිබේ. දකුණු වෙරළ තීරය, නිරිතදිග වෙරළ තීරය සහ නැගෙනහිර වෙරළ තීරයේ ඉතාම සුන්දර වෙරළ පිහිටා තිබේ. විනිවිද පෙනෙන ගල්, පර, මුහුදු බොකු, සහ වෙරළෙන් ඈත පිහිටි ¥පත් ඊසාන දිග සහ නිරිත දිග ප‍්‍රදේශවල වෙරළ තීර ස්ථර හරහා විහිදී තිබෙන අතර ඊසාන දිග වෙරළේ පිහිටි ලෝකයේ හොඳම ස්වාභාවික වරාය වලින් එකක් වන ත‍්‍රිකුණාමලය වරාය සහ නිරිත දිග වෙරළේ ගල් පර්වතවල පිහිටි කුඩා ගාලූ වරාය යන ස්වාභාවික වරායන් ද නිර්මාණය වී තිබේ. රටේ ප්‍රධාන භූමි ප‍්‍රදේශයට පාලමකින් සම්බන්ධවී ඇති වයඹ ප‍්‍රදේශයේ පිහිටි මන්නාරම ¥පත ආදම්ගේ පාලම නමින් හඳුන්වන වැලි ඉවුරු සහ කුඩා ¥පත් දාමයකින් දකුණු ඉන්දියාවට සම්බන්ධවී ඇතුවා වැනිය.

ශ‍්‍රී ලංකාවේ ගංගා මධ්‍යම කඳුකරයේ ශ‍්‍රී පාද කන්දට ආසන්නයෙන් ආරම්භවී දුර්ග, පළල් නිම්න, හා තැනිතලා හරහා ගලා ගොස් මෙහොර, දිය ඇලි සහ ගැඹුරු දොරුව ආදී විවිධ භූ දර්ශන නිර්මාණය කරමින් මුහුදට ගලා බසී. බොහොමයක් ගංගා කෙටි වන අතර භූමිභාගයන්ගේ අසන්තතිය නිසා නිතරම බාධා සිදුවේ. කි.මී. 335 ක් දිග වූ මහවැලි ගඟ ශ‍්‍රී ලංකාවේ දිගම ගඟයි. ගෙඟ් ඉහළ කොටස සැඩ පහර දරුණු බැවින් යාත‍්‍රා කළ නොහැකි වන අතර, පහළ කොටස් වැසි කාල වලදී ගංවතුරට භාජනය වේ. මෙම ගඟ මගින් වර්ෂාව අඩු ඊසාන දිග ප‍්‍රදේශයේ වාරිමාර්ග පද්ධතිවලට ඉතාම වැදගත්වන ජලය සපයා දෙනු ලබයි.

සාමාන්‍ය උෂ්ණත්වය

සමස්ථයක් ලෙස ගත්කල ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය 280 C ක්‍ – 320 C ක්‍ අතර විහිදී යයි. මධ්‍යන්‍ය උෂ්ණත්වය 160 C ක්‍ තරම් පහළ වූ, ශීත සෘතුවේදී දින ගණනාවක් තිස්සේ තුහීන වැටීම පවා සිදුවන, නුවර එළියේ ඇති ශීත උෂ්ණත්වයක සිට ඊසානදිග ප‍්‍රදේශයේ පිහිටි ත‍්‍රිකුණාමලයේ 320 C ක්‍ තරම් උණුසුම්වූ උෂ්ණත්වයක් දක්වා විහිදී යයි. මුහුදුබඩ ප‍්‍රදේශ මුහුදෙන් හමන මද සුළඟින් සිසිල්වී තිබේ.

මෝසම් වැසි

සමකාසන්න වූ ඝර්ම කලාපයේ පිහිටා ඇති ශ‍්‍රී ලංකාව වෙනස් වූ සෘතු 04 ක් ඇති කරන මෝසම් වැසිවල බලපෑමට යටත්වේ. උන්නතාංශයේ ඇති විවිධත්වය ද උෂ්ණත්වය විවිධ වීම කෙරෙහි බලපායි. පහත් බිම් ප‍්‍රදේශ සැමවිටම උණුසුම් වන අතර ඉහළ උන්නතාංශයන් කරා ළඟාවන විට ක‍්‍රමයෙන් සිසිල් වේ. දීප්තිමත්, අව්ව සහිත, උණුසුම් දවල් කාලය සාමාන්‍ය තත්ත්වය වන අතර දැඩි මෝසම් වැසි පවතින කාලවලදී පවා මෙම තත්ත්වය සුලභ වේ. මෝසම් වැසි පිළිබඳ සළකා බැලීමේදී, දෙසැම්බර් ජනවාරි මාසවලදී ඊසානදිග මෝසම මගින් උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශ වලට වර්ෂාව ලැබෙන අතර මැයි-ජූලි මාස වලදී නිරිතදිග මෝසම මගින් දිවයිනේ දකුණු, බස්නාහිර, සහ මධ්‍යම ප‍්‍රදේශවලට වර්ෂාව ලැබේ.

 

අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 16 වෙනි බදාදා, 17:11