si_uni  ta_uni
TamilEnglish


පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල
මුල් පිටුව All News Sri Lanka NEXT ජාත්‍යන්තර සම්මණ්ත්‍රණයේ ප්‍රථම දිනය සාර්ථක ආරම්භයක් සනිටුහන් කරයි.
Sri Lanka NEXT ජාත්‍යන්තර සම්මණ්ත්‍රණයේ ප්‍රථම දිනය සාර්ථක ආරම්භයක් සනිටුහන් කරයි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ප්‍රධානත්වය යටතේ සංවිධානය කරන ලද 'Sri Lanka NEXT: නීල හරිත යුගයක්" සම්මණ්ත්‍රණය සහ ප්‍රදර්ශනය අද දින කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරණායක සම්මණ්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලද පූර්ව විවෘත කිරීමේ උළෙල සමඟින් ආරම්භ කරන ලදී.  මෙම තුන් දින සම්මණ්ත්‍රණය සහ ප්‍රදර්ශනය ඔක්තෝර්බර් 19 වන දින තෙක් සමාන්තර වැඩමුළු සහ සම්පත්-දායකයන් සම්බන්ධ වන අතුරු රැස්වීම් ගණනාවක් සංවිධානය කර ඇත.  මෙම වැඩමුළු අතර ප්‍රධාන තැනක් ඉසිලුවේ ආසියානු පැසිෆික් අනුවර්තන ජාලය මඟින් සංවිධානය කරන ලද "දේශගුණ විපර්යාසය සෙලිසියස් අංශක දෙකක් අඩු කිරීමට හැකි පරිදි ජීවිත් වීම සඳහා අනුවර්තනය වීම: ප්‍රතිපත්ති සහ  ප්‍රායෝගිකත්වය අතර පරතරය පියවීම" යන තේමාව යටතේ පවත්වනු ලබන  දේශගුණ වෙනස්වීම් කෙරේ අනුවර්තනය වීම පිළිබඳ 5 වන ආසියානු පැසිෆික්  සංසදය යි.

    

පූර්ව විවෘත කිරීම තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙන් ම මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යංශයේ  ගරු ලේකම් උදය රංජිත් සෙනෙවිරත්න මැතිතුමා සහ අමාත්‍යංශයේ උසස් නිලධාරීන් සහ නියෝජිතයන්ගේ ද,  ආසියානු පැසිෆික් අනුවර්තන ජාලයේ සම-ප්‍රධානී M. වටනබි, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සම-ප්‍රධානී මොසහරුල් අලාම් යන ජාත්‍යන්තර නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.

පූර්ව විවෘත කිරීමේ සුභ මොහොත සනිටුහන් කරමින් මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යංශයේ ගරු ලේකම් උදය රංජිත් සෙනෙවිරත්න මැතිතුමා ප්‍රකාශ කළ පරිදි "Sri Lanka NEXT ප්‍රතිපත්තිය සහ වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වන්නේ ශ්‍රි ලංකාව තුළ ස්ථිරසාර සංවර්ධනය පිළිබඳ දැනුවත් භාවයක් ඇති කිරීමයි. මෙම සම්මණ්ත්‍රණ්ය තුළින් මහජනතාව අතර දේශගුණ විපර්යාස පිළිබඳව ප්‍රමාණවත් දැනුවත් භාවයක් සහ අවබෝධයක් ඇති කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු".

විවෘත කිරීමේ මොහොත සනිටුහන් කරමින් ආසියානු පැසිෆික් අනුවර්තන ජාලයේ සම-ප්‍රධානී එම්. වටනබි මහතාට අනුව සම්මන්ත්‍රණය සඳහා 1000කට අධික ප්‍රමාණයක් සහභාගී වීමට ලියාපදිංචි වී ඇත. එයින් 600කට අධික ප්‍රමාණයක් රටවල් 60ක විදේශ නියෝජිතයින් වන අතර, 170 වකට අධික රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය නියෝජිතයින් 25කට අධික සංඛ්‍යාවක් වැනි අති විශාල විදේශ සහ දේශීය නියෝජිත සහභාගීත්වයක් අපේක්ෂිතය. එතුමා ප්‍රකාශ කළ පරිදි මෙම සම්මණ්ත්‍රණය එම සංවිධානය මඟින් මේ දක්වා සංවිධානය කර ඇති අති දැවැන්තම සම්මන්ත්‍රණයයි.

Sri Lanka NEXT :  "නීල හරිත යුගයක්" දියත් කරන ලද්දේ 2016 ජනවාරි මස අති ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතිනි. සම්මණ්ත්‍රණය දින තුනක් පුරා ක්‍රියාත්මක වීමට නියමිත ගෝලීය තරුණ සංසදය, ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව, 5 වන ආසියානු පැසිෆික් අනුවර්තන සංසදය, නීල හරිත ආර්ථිකය සහ පරිසර හිතවේදී තාක්ෂණ පිළිබඳ ප්‍රදර්ශනය, Swtich Asia  ජාලය මඟින් සංවිධානය කර ඇති වැඩසටහන්, නීල හරිත යුගයක් විද්වත් සංවාදය, ජනාධිපති පරිසර සම්මාන ප්‍රධානෝත්සවය, ජනමාධ්‍යවේදීන් සඳහා පුහුණු වැඩසටහන්, ක්ෂේත්‍ර චාරිකා වැනි විවිධ වැඩසටහන් මධ්‍යයේ පැවැත්වීමට නියමිත ය.

පරිසර අමාත්‍යංශය අනාගතය සඳහා සිථිරසාර සංවර්ධනය ප්‍රමුඛ කොටගත් පරිසර සංරක්ෂණ ක්‍රියාවලියකට ප්‍රතිපත්තිමය වශයෙන් මෙන්ම ප්‍රායෝගික මට්ටමින් ද කැප වී ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2016 ඔක්තෝබර් 18 වෙනි අඟහරුවාදා, 15:37